ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා
අක්මීමන විජය විද්‍යාලය අසලදී ජීව අත්බෝම්බයක් සමඟ එක් පුද්ගලයෙක් සැකපිට අද (24) අත්අඩංගුවට ගත් බව අක්මීමන පොලීසිය කියයි.
අපරාධ සහ මෙහෙයුම් ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිශාන්ත ද සිල්වා මහතාට ලැබුණු තොරතුරක් මත මාර්ග බාධක යොදා සිදුකළ මෙහෙයුමේදි 32 හැවිරිදි සැකකරු සමඟ මෙම ජීව අත්බෝම්බය සොයා ගෙන ඇත.
මෙම අත් බෝම්බය කිසියම් අපරාධයක් සඳහා යොදා ගැනීමට සැකකරු විසින් ගෙන යන ලද බවට සැකකරන පොලිසිය ඒ ගැන සෙවීම සඳහා විමර්ශන ආරම්භ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd