(ඩී.කේ.රත්න)
ජල රක්ෂිත ආරක්ෂා කර ගැනීම සඳහා බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය සභාව මගින් එම රක්ෂිතවල පැළ 50,000 ක් සිටුවීමේ ආරම්භක පියවර අද (23) බණ්ඩාරවෙල අධිකාරම් ප‍්‍රාථමික විද්‍යාලයේ ජල රක්ෂිතයෙන් ආරම්භ විය.
මෙම වැඩසටහන යටතේ බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ පිහිටි ජල රක්ෂිතවත පැළ 50,000 ක් සිටුවා එම පැළ ආරක්ෂා කර ගැනීමේ වැඩසටහනක්ද ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.
ජල රක්ෂිත විනාශවීම තුළින් ප‍්‍රදේශයේ ජල උල්පත් සිඳී ගොස් ප‍්‍රදේශයේ ජනතාව උග‍්‍ර පානීය ජල හිඟයකට මුහුණ දෙමින් සිටීම නිසා එම උවදුරින් ජනතාව බේරා ගැනීම සඳහා මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කර තිබේ.
මෙම සමාරම්භක අවස්ථාවට බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය සභාවේ සභාපති පූජ්‍ය කරගහවෙල නන්දවිමල හිමියන් ඇතුළු ප‍්‍රාදේශීය සභා නිලධාරීහුද බණ්ඩාරවෙල අධිකාරම් ප‍්‍රාථමික විද්‍යාලයේ ගුරුවරු ද සහභාගී වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බණ්ඩාරවෙල හොඳම වතුර තිබුණු පළාතක්... මහින්ද රාජපක්ෂ දුර දිග නොබලා සිය ඉරාන මිතුරා සනසන්න දුන්නු කොන්ත්‍රාත් එකක්. ඒ ව්‍යාපෘතිය නිසා ගමේ ජල උල්පත් සියල්ල සිඳී ගියා... ලැජ්ජා නැතිව ආයෙත් ඡන්දෙ ඉල්ලගෙන එනවනේ..
වටිනා අනාගත ආයෝජනයක් සහභාගි වූ සැමට බොහෝ පිං. ඔබ සැමගේ සියලු අනාගත කටයුතු සාර්ථක වේවා !!!