IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජාතික භාෂා ගුරු පුහුණුව කොට උඩ

(බිඟුන් මේනක ගමගේ) 

ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය මගින් දෙවැනි බස උගැන්වීම සඳහා ආරම්භ කළ ගුරු පුහුණු පාඨමාලාවක් ජනාධිපතිවරණයෙන් පසු අතරමග නතර වී ඇතැයි එම පාඨමාලාවට සම්බන්ධ වී සිටින පිරිසක් චෝදනා කරති.

ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය මගින් මෙම පාඨමාලාව ආරම්භ කර තිබෙන අතර ලිඛිත හා සම්මුඛ පරීක්ෂණ පවත්වා ඒ සඳහා 1600 ක පමණ පිරිසක් තෝරා ගනු ලැබ ඇත.

පාඨමාලා කාලයේදී රුපියල් 20,000ක දීමනාවක් ගෙවන බව ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ නිලධාරීන් පවසා ඇත. පාඨමාලාව සඳහා තෝරා පත්කර ගත් බවට එම පිරිසට යොමු කර ඇති ලිපිවල සඳහන් කර ඇත්තේ පාඨමාලාව නිම කරන අයැදුම්කරුවන් එම ආයතනයේ සම්පත්දායකයන් හැටියට ලියාපදිංචි කරන බවය.  

ඒ අනුව පසුගිය ඔක්තෝබර් මාසයේදී ඊට අදාළ පාඨමාලාව ආරම්භ වූ නමුත් පසුගිය සතිය දක්වාම කිසිදු ගෙවීමක් නොකළේ යැයි ද පාඨමාලාව පැවැත්වීම ගැන විස්තර ලබන 25 වැනිදායින් පසුව දන්වන බවට ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයෙන් දුරකථන කෙටි පණිවුඩයක් මගින් තමන්ට දැනුම් දුන්නේ යැයි ද එම පිරිස පැවැසූහ.

අදාළ පාඨමාලාවට බඳවාගැනීම ගැන යොමු කළ ලිපියේ ඊට අස්සන යොදා ඇති ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් ආර් හේරත් මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ඔහු පැවැසුවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය කාර්යක්ෂම කිරීමේ අරමුණෙන් එවැනි පාඨමාලාවක් ආරම්භ කළ නමුත් තමා ධුරයෙහි මේ වනවිට කටයුතු නොකරන බැවින් වැඩි විස්තරයක් නොදන්නා බවයි.

මේ අතර ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ විශ්වසනීය ආරංචි මාර්ග කියා සිටියේ අදාළ පාඨමාලාව ආරම්භ කිරීම සඳහා කැබිනට් අනුමැතියක් ඉල්ලා සිටිය ද ඊට සම්බන්ධවූවන්ට දීමනාවක් ගෙවීම හා ගුරු පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් කැබිනට් අනුමැතියක් ලැබී නැති බවය.



අදහස් (0)

ජාතික භාෂා ගුරු පුහුණුව කොට උඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site