(හිරාන් ප්‍රියකර ජයසිංහ)
වෙන්නප්පුව ගිං ඔය දෙපස පිහිටි ගිං පොල් පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ වැඩපිළිවෙලක් අරම්භ කර ඇත.
පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ වෙන්නප්පුව බෝලවත්ත සිමාවේ ගිං ඔය දෙපස ඇති සුන්දර ගිං පොල් වගාව පසුගිය කාලයේ දැවැන්ත පාරිසරික හානියකට ලක්ව තිබුණි.
මෙම ගිං පොල් පරිසර පද්ධතිය වනසමින් පසුගිය කාලයේ විවිධ පිරිස් විසින් දැවැන්ත පාරිසරික හානි සිදු කිරීම නිසා එය විනාශයට ලක්විය.
එසේ විනාශයට ලක්වෙමින් තිබූ ගීං පොල් වගාව වනජීවි සංරක්ෂණය දෙපාර්තමේන්තුව මගීන් වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ අභයභූමියක් ලෙස නම් කිරීමට පියවර ගත් බව අද ( 12 ) එම ප්‍රදේශයේ සංචාරයක නිරත වූ පුත්තලම දිස්ත්‍රික් වනජීවි සහකාර අධ්‍යක්ෂ ඩබ්ලියු.එම්.අයි චන්ද්‍රරත්න මහතා පැවසීය.
කඩොලාන ශාක විශේෂයක් වන ගිං පොල් ශාකයේ උද්භිත විද්‍යාත්මක නාමය ‘‘නිෆා පුට්නස්‘‘. ලවණ මිශ්‍ර ජලජ පරිසරයේ වැඩෙන මෙම ශාකය ගිං ඔය ඉවුරු දෙපස බහුලව දක්නට ලැබේ.
ඉවුරු දෙපස ඛාදනය වැළැක්වීමට මහත් පිටුවහලක් වන මෙම පරිසරය ජලජ ජීවීන්ට නිජබිමක් සේම ඔවුන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය පවත්වා ගැනීමට පරිසර පද්ධතිය දායකත්වයක් ලබාදෙයි.
මෙම පරිසර පද්ධතිය ආශ්‍රිතව ආවේණික කුරුලු විශේෂ සැරිසැරීම හා පරිසරයේ සුන්දරත්වය හේතුවෙන් සංචාරක ආකර්ෂණය වැඩි කරලීම හැකිවේ.
පසුගිය සීමාවේ විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්,ගිං ඔය ඉවුරු දෙපස අනවසර ඉදිකිරීම් හා ගිංපොල් ශාක පත්‍ර විවිධ සැරසිලි සඳහා යොදා ගැනීම මෙම ශාකය විනාශවීමේ තර්ජනයට ලක්ව තිබේ.
මෙහි සංරක්ෂණ කටයුතු ක්‍රමානුකූලව සිදු කිරීමෙන් පසු සංචාරක ආකර්ෂණය වැඩිදියුණු කිරීමෙන් ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික තත්වය නගාසිටුවීමට හැකි බව වනජීවී සහකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද මේ පොල් වගාව රකින්න තියන වටිනාකම. රටේ සාමාන්‍ය පරිභෝජනයට ගත හැකි එකක් ලෙස මට නම් නොහැගේ. දන්නා කෙනෙක් පහදන්න
මෙහි උද්භිද නාමය " නයිෆා ෆ්රුටිකෑන්ස් " හෝ පොදු වහරේ "නයිෆා පාම් " ලෙසයි හඳුන්වන්නේ. අන්තර් ජාලය තුලින් මෙම ශාකයේ ඇති වානිජමය වටිනාකම දැන ගත හැකිය.