විෂය භාර ඇමති පි. හැරිසන් මහතා පසුගිය දිනවල ගොවීන්ට බෙදාදීම සදහා කිරි හරක් 2000ක් ගෙන්වා ඇති බවත් එම හරක් ගොවින් 5600ක් දෙනා ඉල්ලුම් කර ඇතත් නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් වසන්ත පෙරේරාට හා පශු සම්පත් අංශයේ අධ්‍යක්ෂවරියකගේ සැමියකු ඇතුළු තවත් දේශපාලන හිතවතුන් 19 දෙනකුට බෙදා ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අද (17) දඹුල්ලේ දී මාධ්‍ය හමුවක දී කීවේය.
වර්තමානය වනවිට රටපුරා කිරි ගොවින් ගැටලු රැසකට මුහුණ පා සිටින බවත් දිනපතා කිරි ලීටර් දහස් ගණන් මහ පොළොවට හලා විනාශ කරන බවත් පැවසූ කරුණාරත්න මහතා දේශීය පිටි කිරි වෙනුවට විශාල වශයෙන් විදේශීය පිටි කිරි ගෙන්විමද තවත් කරුණක් බවත් කීවේය. අඹේවෙල දිනකට කිරි ලීටර් ලක්ෂ 3ක් පිටි කිරීමට හැකි අංග සම්පුර්ණ කර්මාන්ත ශාලාවක් 2015 වසර වනවිට ඉදිකොට අවසන් කර ඇතත් මෙතෙක් විවෘත නොකර තිබෙන බව ද ඔහු කිවේය .
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ගොවීන්ට දෙන්න ගෙනා කිරි හරක් 2000ක් අන්සතු කරලා
ajith Saturday, 17 June 2017 02:01 AM
පසුගිය රජයේ අඳුරු සෙවනැලි තියනකම් ඕව ඔහොම දිගටම සිදු වෙයි. ඔවැනි ක්‍රියා ගැන නිහඩව සිටීමෙන් ජනතාවට මේ රජයෙන් කිසිම දිනෙක සේවයක් කරන්න බැරි වේවි.
duminda Saturday, 17 June 2017 08:21 AM
මේවා ජාතික අපරාද, පෙන්නලා ලකුණු ගෙන නිකන් ඉන්නේ නැතුව, නිවැරදි දේ කරනකල් අත හරින්න එපා