(ජී. ඩබ්ලිව්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
ගාල්ල නාගොඩ තල්ගස්වල වත්තේ රබර් රොටි වේලනු ලබන ගොඩනැගිල්ලක අද (09) සවස ඇතිවූ ගින්නකින් එම ගොඩනැගිල්ලට දැඩි හානි වී ඇතැයි නාගොඩ පොලීසිය කියයි.
වතුයායේ කාර්ය මණ්ඩලය, කම්කරු පිරිස හා පොලිසිය එක්ව ගින්න මේ වනවිට මැඩ පවත්වා තිබේ. ගින්නෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත.
පොලිසිය පවසන්නේ ගින්නට හේතුව විදුලි කාන්දුවක් විය හැකි බවයි.
නාගොඩ පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
(ඡායාරූප - හේමපාල ලියනගේ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd