(ඩී. ජී. සුගතපාල)
ඩෙංගු රෝගීන් 33ක් මේ වනවිට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් ඩෙංගු බවට සැකකරන රෝගීන් පිරිසක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යන බවත් කරාපිටිය රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සංජීව අමදෝරු මහතා පැවසීය.
ගාල්ල නගර බල ප්‍රදේශයේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළයාමත් සමග ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්ද පවත්වන ලදී.
එම සාකච්ඡාවට ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා, දකුණු පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පී.විජේසුරිය, ගාල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ චන්දිම සිරිතුංග, විශේෂඥ වෛද්‍ය පුෂ්පිකා ජයවර්ධන යන මහත්ම මහත්මීහුද, පොලිස් නිලධාරීහුද, යුධ හමුදා නිලධාරිහුද, නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරීහුද, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුද සහභාගී වූහ.
එහිදී ගන්නා ලද තීරණ අනුව 18,19,20 යන දිනවල ඩෙංගු රෝගීන් වැඩිපුර වාර්තාවන කොට්ඨාසවල සියලුම නිවාස සහ ගොඩනැගිලි පරීක්ෂා කිරීම, කාණු පිරිසිදු කිරීම, වැහි පීලි පරීක්ෂා කිරීම, අත් පත්‍රිකා බෙදීම, ශබ්දවාහිනි යන්ත්‍ර මගින් ජනතාව දැනුම්වත් කිරීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ.
මේ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායම් 25ක් යොදවා ඇති බවත් නගරාධිපතිවරයා පැවසීය.
ගාල්ල නගර සභා බල ප්‍රදේශයෙන් මෙම වසරේ පළමු මාස තුන ඇතුළත ඩෙංගු රෝගීන් 43ක් වාර්තා වී ඇති අතර එයින් 30ක්ම වාර්තා වී ඇත්තේ පෙබරවාරි 25න් පසුව බවත් රෝගීන් බහුලව වාර්තා වී ඇත්තේ කරාපිටියේ අලුතින් ඉදිකරනු ලබන මාතෘ රෝහල අවටින් සහ හිරිඹුර ප්‍රදේශයේ අලුතින් ඉදිකරනු ලබන පුද්ගලික රෝහල් වැඩබිම අවට ප්‍රදේශයෙන් බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ගාල්ලේ ඩෙංගු හිස ඔසවයි