IMG-LOGO

ගාල්ල කඩවත් සතර ප්‍රා.ලේ. කාර්යාලයේ නිලධාරීන්ට ආරක්ෂිත ඇඳුමක්

(සිරංගිකා ලොකුකරවිට) 

ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් වෙනුවෙන් ආරක්ෂිත ඇඳුමක් හඳුන්වා දී ඇත.

කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවීර මහත්මියගේ සංකල්පයකට අනුව මෙය නිර්මාණය කර ඇති අතර ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන් හා සමෘද්ධි නිලධාරීන් සියලු දෙනාට එම ඇඳුම නොමිළයේ ලබා දීමට කටයුතු කර තිබේ.

කොරෝනා මර්ධනය කිරීමේ කටයුතුවලටත්, සහන සේවා සැළසීමේ කටයුතුවලටත් මෙම නිලධාරීන් නිතරම ක්ෂේත්‍රයේ රාජකාරීවල යෙදීම හේතුවෙන් මෙවැනි ආරක්ෂිත ඇඳුමක් හඳුන්වාදුන් බව ප්‍රාදේශීය ලේකම්වරිය පවසයි.

මේ අනුව නිලධාරී නිලධාරිනියන් 150කට මෙම ආරක්ෂිත ඇඳුම ලබා දීමට කටයුතු කර තිබේ.

ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවීර මහත්මිය මෙසේ කීවාය.

''අපේ ක්ෂේත්‍ර නිලධාරීන්ට කොරෝනා වසංගතය තිබුණත් ඔවුන්ගේ රාජකාරියේ යෙදෙන්න සිදුවනවා. ඔවුන් ක්ෂේත්‍රයට ගිහින් කොරෝනා මර්ධන කටයුතු ව‍ගේම සහන සේවා සැළසීමේ කාර්යයත් ඔවුන් කළ යුතුයි. මේ වගේ වෙලාවටට ඒ නිලධාරීන් දැඩි අවදානමකට ලක්වනවා. සියල්ලටම වඩා අපිට ඔවුන්ගේ ජීවිතය වගේම සනීපාරක්ෂාවත් වැදගත්. ඒ නිසා මේ වගේ දෙයක් නිර්මාණය කිරීමට කටයුතු කළා. මේ සඳහා අපිට ගාල්ලේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් ආධාර කළා. ඒ නිසා නොමිළයේ ම ආරක්ෂිත ඇඳුම් කට්ටල ඔවුන්ට ලබාදීමට හැකියාව ලැබුණා"



අදහස් (0)

ගාල්ල කඩවත් සතර ප්‍රා.ලේ. කාර්යාලයේ නිලධාරීන්ට ආරක්ෂිත ඇඳුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 160 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 682 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site