පාලිත ආරියවංශ
පාසල් ගුරුවරියක් පැළඳ සිටි රුපියල් අනූදහසක් වටිනා රන්මාලය බදුල්ල ස්ප්‍රිංවැලි මාර්ගයේ දී අද (9) පැහැර ගෙන ගොස් ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.
52 හැවිරිදි මෙම ගුරුවරිය ඇය සේවය කරන සිරිමල්ගොඩ විදුහලට යාම සඳහා බසයක් ලබාගැනීමට බෝපිටිය මාර්ගයේ පිහිටි සිය නිවසේ සිට පැමිණ ඇති අතර බසය බලාපොරොත්තුවෙන් සිටියදී ඇගේ පිටුපසින් පැමිණි තරුණයෙක් මෙම රන්මාලය පැහැර ගෙන වතු මාර්ගයක් ඔස්සේ පලා ගිය බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd