(තිලකරත්න දිසානායක)
ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව යතුරුපැදිවල දරුවන් රැගෙන යන මව්පියන් දැනුවත් කිරීමේ වැඩපිළිළෙක් ගම්පහ පොලිස් අධිකාරී කොට්ඨාසයෙහි අරඹා ඇත.
කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතාගේ සංකල්පයක් මත ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව දරුවන් රැගෙන යාම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වෙනුවට හිස්වැසුමක් පැළදීම යනු පොලීසියෙන් බේරීම සඳහා නොව ජීවිත ආරක්ෂාව වෙනුවෙන් බව මෙම වැඩපිළිවෙළ යටතේ සිදු කෙරෙන බව කොට්ඨාස රථවාහන අංශාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධර්මසිරි මෙන්ඩිස් මහතා පැවසීය.
මෙලෙස දැනුවත් කිරීමේ වැඩසටහනක් ගම්පහ රථවාහන අංශය ගම්පහ, බණ්ඩාරවත්ත ප්‍රදේශයෙහි පාසල් ආශ්‍රිතව සිදු කෙරෙන අතර මෙහිදී මව හෝ පියා විසින් දරුවන් යතුරුපැදිවල රැගෙන යාමේදී දරුවන්ට ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව සිටි පිරිසක්ම හසුකර ගැනුණු අතර ආරක්ෂිත හිස් වැසුමක් නොමැතිව ගමන් ගැනීමේදී හදිසි අනතුරක් වුවහොත් විය හැකි බරපතල තත්ත්වය නිලධාරීන් විසින් එම මව්පියන් හට ඉතා සුහදව පැහැදිලි කර දුන් ආකාරයක් දක්නට ලැබිණි.
2025 දෙසැම්බර් මස 30
152
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
772
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
376
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගම්පහ පොලිසියෙන් මව්පියන් දැනුවත් කිරිමේ වැඩසටහනක්