( තිලකරත්න දිසානායක)
කොරෝනා රෝග තත්ත්වය මත ගම්පහ ප්‍රාදේශීය සභාව දෙමසකට පසුව අද (14) මාසික රැස්වීම සදහා රැස්වූ අතර බල ප්‍රදේශයෙහි ජනතාවට සහන සැලසීම පිනිස මුදල් වෙන්කර ගැනීමේ යෝජනාවේ ක්‍රමවේදයට විරෝධය පළ කරමින් එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු සභාව වර්ජනය කරමින් පිටව ගියහ.
ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් කොට්ඨාස 22 සදහා එක් කොට්ඨාසයකට රුපියල් ලක්ෂයක් බැගින් ලබා දෙමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් එක්ව ජනතාවට මහජන සහනාධාර ලබාදීම සුදුසු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාලක පක්ෂය තීරණය කළ අතර එම ක්‍රමවේදයට විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධය පළ කරමින් මෙසේ සභාවෙන් පිටව ගිය ආකාරයක් දක්නට ලැබිණි.
සභාපති රංජිත් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මාසික රැස්වීම පැවති අවස්ථාවේදී කොරෝනා රෝග තත්ත්වය මත බල ප්‍රදේශයෙහි ජනතාවට සහනාධාර ලබාදීම පිණිස එක් කොට්ඨාසයකට රුපියල් ලක්ෂයක් බැගින් වෙන්කිරීම සුදුසු බවට පොදුජන පෙරමුණ මන්ත්‍රී අංජන ශ්‍රීනාත් මහතා කළ යෝජනාව පොදුජන පෙරමුණ මන්ත්‍රී සංජීව දේශප්‍රිය මහතා ස්ථිර කරනු ලැබීය.
මෙහිදී සභාවේ විපක්ෂ නායක චමින්ද පෙරේරා මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රී වරුන් කිහිප දෙනෙකුම , ජනතාවට සහනාධාරදීම සුදුසු මුත් මුදල් වෙන් කිරීමේ ක්‍රමවේදය සුදුසු නොවන බවට අදහස් දැක්වූ අතර අනතුරුව විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම සභාවෙන් පිටව ගියහ.

2025 දෙසැම්බර් මස 18
328
1
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගම්පහ ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමෙන් විපක්ෂය පිටව යති
rama Thursday, 14 May 2020 08:15 AM
මිනිසුන්ගෙන් ඡන්දේ විතරයි ඕන උදව් කරන්න ගියාම නැගිටලා යනවා.