(ක.ග.කරුණාරත්න)
සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ විසූ ගෝනෙකු වෙඩි තබා මරා මස් කිලෝ 60ක පමණ තොගයක් මුදලට විකිණීම සඳහා යතුරුපැදි දෙකකින් රැගෙන යමින් සිටි දඩයක්කරුවෝ දෙදෙනෙකු මැදිරිගිරිය,වඩිගවැව ප‍්‍රදේශයේදී අද(03)අලූයම අත් අඩංගුවට ගත් බව වන නිලධාරිහු කියති.
වනජීවී නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මැදිරිගිරිය,නවනගරය වනජීවී කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මේ වැටලීම සිදුකර තිබේ.
සැකකරුවන් මැදිරිගිරිය,වඩිගවැව ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවත් වන සතුන් දඩයම්කර මස් විකිණිමේ ජාවාරමක නිරත පුද්ගලයන් බවද අනාවරණයවී ඇත.
මස් තොගය සමඟ සැකකරුවන් අද(03) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව විමර්ශන සිදුකරන වනජීවී නිලධාරීහු ප‍්‍රකාශ කළහ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ගෝන මස් සමඟ දෙදෙනකු අත්අඩංගුවට