Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2023 පෙබරවාරි මස 02 වන බ්රහස්පතින්දා
(ඩී.කේ.රත්න)
තණමල්විල බලහරුව ඌරුහෙල ප්‍රදේශයේ දී මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමඟ පුද්ගලයකු අද (8) මොණරාගල දිසා දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි තණමල්විල පොලීසිය පවසයි.
තණමල්විල බලහරුව ඌරුහෙළ ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 36 පුද්ගලයකු මෙම ගිනිඅවිය සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
මොණරාගල දිසා දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් තණමල්විල බලහරුව ප්‍රදේශයේ සිදුකළ ගංජා වැටලීමකදී මෙම ගිනි අවිය සමඟ මෙම පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුව ගනු ලැබූ සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.