IMG-LOGO

ගින්නකින් අට්ටවිල්ලුවේ අක්කර 50ක් විනාශයි

හිරාන් ප්‍රියංකර ජයසිංහ
 
පුත්තලම අට්ටවිල්ලුව රක්ෂීතයේ  අද සවස ඇතිවි ගිය ගින්නකින් අක්කර 50ක්   විනාශ වි ඇති බව පුත්තලම පොලිසිය පවසයි.
 
මෙම ගින්නෙන් පුත්තලම කුරුණැගල මාර්ගයේ කල්අඩිය ආසන්නයේ පිහිටි අට්ටවිල්ලුව රක්ෂිතයේ මාර්ග දෙපසම ගිනි ගෙන තිබු අතර ඒ සමගම රක්ෂීතය ආසන්නයේ පිහිටි නිවාස සංවර්ධන අධිකාරියට අයත් ලදු කැළෑ බිමකට ද ගින්න පැතිරී තිබිණි.
 
අද (10)   දහවල් කිසියම් පුද්ගලයින් පිරිසක් විසින් මෙම ගිනි තැබිම සිදු කරනු ලැබ ඇති  බවටත් එසේ සැකකරන්නට හේතුව වි ඇත්තේ අට්ටවිල්ලුව රක්ෂීතයේ දෙපසම එකවර ගිනි ගැනිමට කිසිදු හේතුවක් නොමැති විම බවත් පුත්තලම දිසා වන නිළධාරි ඩි.එම්. බි. එම්. බංඩාර මහතා පවසයි.
 
පවතින නියං තත්ත්වයත් සමග පරිසරය වියලී යාම නිසා ගින්න  කඩිනමින් ව්‍යාප්ත වි ගොස් තිබුණි.
 
පුත්තලම නගර සභා ගිනි  නිවන එකකයත්, පුත්තලම තම්බපණ්නී නාවුක කඳවුරේ ගිනි නිවන එකකයත්  පැමින  ප්‍රදේශවාසීන් හා වන සංරක්ෂණ නිලධාරීන් ද සමග මහත් පරීශ්‍රමයක් දරා ගින්න නිවා දැමිමට  කටයුතු කළ බව පොලිසිය කියයි.



අදහස් (0)

ගින්නකින් අට්ටවිල්ලුවේ අක්කර 50ක් විනාශයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 148 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 679 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site