යාපනයේ ඩෙල්ෆ් ප්‍රදේශයේදී ජීවී කැස්බෑවකු සඟවාගෙන රැගෙන යමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
සැකකරු පා පැදියක ගමන් කරමින් සිටියදී ඩෙල්ෆ් ප්‍රාදේශිය රෝහල ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන තිබේ.
පාමුර සංචාරයේ යෙදී සිටි උතුරු නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් සැක කටයුතු අන්දමින් පාපැදියක ගමන් කරමින් සිටි පුද්ගලයකු නවතා පරීක්ෂා කිරීමේදී ඔහුගේ ගමන් මල්ලේ සිටි මෙම ජීවී කැස්බෑවා හමු වී ඇත.
සැකකරු, ජීවී කැස්බෑවා සහ පාපැදිය අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා ඩෙල්ෆ්ට්, පොලිසිය වෙත භාර දීමට කටයුතු කර තිබේ.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd