රොමේෂ් මධුෂංඛ
කිලිනොච්චි දිස්ත්‍රික්කයට විශාල අඩුපාඩුවක්ව පැවති ගිනි නිවීමේ ඒකකය විවෘත කිරීම නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් කිළිනොච්චියේ දී සිදු කරනු ලැබීය.
ගිනිනිවීමේ ඒකකය සඳහා බවුසර් තුනක් සහ ගිනි නිවීමේ රථයක් ගිනි නිවීමේ අංශය වෙත අනුයුක්ත කිරීම පියවර ගෙන ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 97 ක මුදලක් වැයකර ඇත.
මෙම ගිනි නිවීමේ අංශය මගින් කිලිනොච්චි දිස්ත්‍රික්කයට අමතරව මුලතිව්, වවුනියාව, මාන්නාරම දිස්ත්‍රික්කවල ජනතාව සඳහා ද සේවාවන් ලබා ගැනීමට අවස්ථාව උදාවනු ඇත.
හදිසි ගිනි නිවීම් කටයුතු සඳහා කිලිනොච්චිය ගිනි නිවීමේ අංශයේ දුරකතන අංක 021-2283333 අමතා සේවාවන් ලබා ගැනීමට මෙයින් පහසුකම් සලසා ඇත.
මෙම අවස්ථාවට කිළිනොච්චි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීදරන්, කිළිනොච්චි දිස්ත්‍රික් ලේකම් සුන්දරම් අරුමනායගම්, නෝත් සී ලිමිටඩ් සභාපති ටී.පරමේෂ්වරන්, නැවත පදිංචි කිරීමේ අධිකාරියේ සභාපති එන්.අන්නලිංගම්, කරච්චි ප්‍රාදේශීය සභා සභාපති වේලන් මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නායකයින් මෙන්ම රජයේ නිලධාරින් රැසක් සහභාගී වී සිටියහ.


2025 නොවැම්බර් මස 21
179
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
246
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1123
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කිලිනොච්චියටත් ගිනි නිවීමේ ඒකකයක්