IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කේරළ ගංජා රැගෙන උසාවියට ගිය අයෙක් අත්අඩංගුවට

(විජේරත්න රත්නායක)

සිය ඉණෙහි කේරළ ගංජා සඟවාගෙන බදුල්ල අධිකරණ සංකීර්ණයට ඇතුළත් වීමට තැත් කළ පුද්ගලයෙකු අද (15) එම අධිකරණ සංකීර්ණයේ ආරක්ෂාව භාර පොලිස් ඒකකය මඟින් අත් අඩංගුවට ගෙන බදුල්ල පොලීසියට භාර දී තිබේ.
                      
නඩු කටයුතු ඇතුළු අවශ්‍යතා සඳහා අධිකරණ සංකීර්ණයට ඇතුළු වන පුද්ගලයින් පරීක්ෂා කිරීමේදී එක් පුද්ගලයෙකු අසාමාන්‍ය ලෙස හැසිරී ඇති බවත්, ඔහුගේ ඉණේ යම් දෙයක් සඟවාගෙන සිටින බව නිලධාරීන් නිරීක්ෂණය කළ බවත් පොලිසිය කියයි.
                      
ඒ අනුව එම පුද්ගලයා වැඩිදුර පරීක්ෂා කිරීමේදී සඟවාගෙන සිට ඇත්තේ කේරළ ගංජා බව හඳුනාගෙන තිබේ.
 
ඔහු සතුව ග්‍රෑම් තුනකට ආසන්න කේරළ ගංජා ප්‍රමාණයක් තිබූ බවත් එම ගංජා සමඟ සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බදුල්ල මූලස්ථාන පොලීසියට භාරදුන් බවත් බදුල්ල අධිකරණ සංකීර්ණයේ පොලිස් ඒකකයේ ස්ථානාධිපති පොලිස් සැරයන් ඩී.එම්.පියසේන මහතා සඳහන් කළේය.



අදහස් (0)

කේරළ ගංජා රැගෙන උසාවියට ගිය අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 115 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site