ජයරත්න වික්‍රමාරච්චි
පුත්තලම - අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව අටේ කණුව ප්‍රදේශයේ දී අද (12) හදිසි මාර්ග බාධයක් යොදා සිදු කළ වැටලීමක දී කේරළ ගංජා ග්‍රෑම් 350ක් සමඟ යතුරුපැදියක් සහ සැකකරුවෙකු අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලීසිය කියයි.
සාලියවැව නීලබැම්ම ප්‍රදේශයේ පදිංචි විවාහකයෙකු බව පැවසෙන සැකකරු ආබාධිත විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු බවට මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබේ.
සැකකරු රුපියල් 46,000ක් ගෙවා මෙම ගංජා තොගය පුත්තලම ප්‍රදේශයෙන් මිල දී ගෙන සාලියවැව ප්‍රදේශයට රැගෙන යමින් තිබී ඇති බවට මූලික පොලිස් විමර්ශන වැඩිදුරටත් අනාවරණය කරයි.
කරුවලගස්වැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.ඩී.එස්. ජයලත් මහතා ඇතුළු පොලිස් නිලධාරීහු පිරිසක් සිද්ධිය සම්බන්ධයේ විමර්ශන සිදු කරති.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කේරළ ගංජා ග්‍රෑම් 350ක් සමඟ පුද්ගලයකු අත් අඩංගුවට