
(එම් .සුසිල් ප්‍රියන්ත )
නොගැඹුරු මුහුදේ ඇති කොරල් පර මත දැල් එලා කොරොල්පර වලට හානි වන අයුරින් මසුන් මරමින් සිටි තිදෙනෙකු අද (09) බලපිටියේදී අත්අඩංගුවට ගත්බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් කාර්‍යාලය සඳහන් කරයි.
මෙම සැකකරුවන් සමඟ මෝටර් බෝට්ටුවක් සහ මසුන් මැරීමට යොදාගත් දැල් ඇතුළු ආම්පන්න කිහිපයක් අත්අඩංගුවට ගත්බවද එම කාර්යාලය පැවසීය.
අත්අඩංගුවට ගත් දැල් වල පැටලී දුර්ලභ කොරල් රැසක් විනාශ වී තිබූ බවත් මෙම කොරල් විනාශයෙන් මුහුදු ඛාදනය සිදුවන බවත් වැටලීමට සිදුකළ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් කාර්‍යාලයේ නිලධාරීහු පැවසූහ.
කොරල් මත සිටින මසුන් මිලෙන් අධික බවත් මේ නිසාම මෙම සැකකරුවන් කොරොල්පර ගැන නොසිතා කොරොල් මත සිටින මසුන් මැරීමට පුරුදුව ඇති බවත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd