( පුෂ්පකුමාර ජයරත්න )
කුරිරු ත්‍රස්තවාදී යුද්ධයේදී දිවි පිදූ රණවිරුවන් සිහිපත් කරන අද (19) දිනට යෙදී 11 වන රණවිරු සැමරුම කුරුණෑගල රණවිරු සැමරුම් ස්මාරකය අභියසදී පැවැත්විණි.
කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රණවිරු උපහාරයට කුරුණෑගල දිස්ත්‍රික්කයේ දිවි පිදූ රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයින් මෙන්ම කුරුණෑගල මහ නගර සභාවේ පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රීවරුන් , නගර සභා කාර්ය මණ්ඩලය සහ කුරුණෑගල කොට්ඨාසය බාර පොලිස් අධිකාරි ක්‍රිශාන්ත , සහකාර පොලිස් අධිකාරි සමන් දිසානායක මහත්වරුද ,යුද හමුදා සාමාජිකයින් පිරිසක්ද සහභාගි වූහ .
මෙම රණවිරු සමරු ස්මාරකයේ යුද්ධයේදී දිවි පිදූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රණවිරුවන් හාරදහසකට අධික සංඛ්‍යාවකගේ නම් ඇතුළත් කර ඇත.



2025 දෙසැම්බර් මස 18
520
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුරුණෑගල රණවිරු ස්මාරකයට උපහාර පුදයි