IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


කම්හලක අපජලය ඇළකට දැමූ රියදුරා අත්අඩංගුවට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
 
කම්හලකින් බැහැර වන අපජලය බවුසර් රථයකින් ප්‍රවාහනය කරමින් අද(17) කොළඹ මහනුවර මහා මාර්ගයේ දං ඕවිට ප‍්‍රදේශයේදී ඇළ මාර්ගයකට මුදාහැරීමේ යෙදුණු රියදුරා අත්අඩංගුවට ගත් බව මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
 
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  අලව්ව ප‍්‍රදේශයේ පිහිටි පොල් කිරි නිෂ්පාදන ආයතනයක අපජලය ගෙන යමින් තිබූ රියදුරෙකි.
 
බවුසරයෙන් ගෙනා අපජලය ඇළ මාර්ගයට මුදාහරිනු දුටු අසල්වැසියකු එය නවතා කළ ග‍්‍රාම නිලධාරිවරයා මගින් දැනුම්දීමෙන් පසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රියදුරා අත්අඩංගුවට ගෙන ඇත.
 
මෙම ප‍්‍රදේශයේ කලක් තිස්සේ ඉතා රහසිගතව ඇළ මාර්ගයට විෂ සහිත සුදුපැහැ අපජලය මුදා හැරීම නිසා මසුන් මිය යන බව ප‍්‍රදේශවාසීහු පැවසූහ. මෙම අප ජලය ජලජ සතුන්ට මෙන්ම මිනිසුන්ටද අහිතකරවිය හැකි බව සෞඛ්‍ය නිලධාරීහු සඳහන් කරති. 
 
මෙම කම්හලේ අප ජලය බත්තරමුල්ල ප‍්‍රදේශයට ගෙන ගොස් පිරිපහදු කළ යුතු වුවත් හිමිකරුවන්ගේ අනුදැනීම ඇතිව මෙසේ අතරමගදී මුදාහැරියේදැයි සොයා බැලීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කටයුතු කරමින් සිටී.
 
රියදුරාට සහ කම්හලේ හිමිකරුට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (1)

කම්හලක අපජලය ඇළකට දැමූ රියදුරා අත්අඩංගුවට

SHAN Monday, 17 June 2019 11:30 AM

මෙවන් දේ අත්අඩංගුවට ගත්තට පලක් නැත. මෙවැනි වැරදි සදහා දඩුවම් දිය යුතුය. රු 500 නැත්නම් 1000 දඩයක් ගැසීම කිසිම පලක් නැත. කල යුත්තේ රථය රාජසන්තක කර රියදුරු බලපත්‍රය වසරක තහනම් කර අදාල කර්මාන්ත ශාලා හිමිකරුට රුපියල් ලක්ෂ දහයක්වත් දඩයක් නියම කර කර්මාන්ත ශාලාවේ රක්ෂණ මුදල දෙගුණ කල යුතුය. එවිට මේ වරද යලි යලිත් නොකිරීමට ඔවුන් පෙලබෙනවා ඇත. තවද මෙවන් කර්මාන්තශාලා සදහා අවසර දෙන විට ජලය පිරිසිදු කරන යන්ත්‍රාගාර නොමැතිව නිෂ්පාදන ආරම්භ කිරීමට අවසර නොදිය යුතුය. එවිට මේ ජලය කිසි තැනකට ගෙන යාමක් සිදු නොවේ. අප මේ රැකියාවන් කරන රටවල කර්මාන්ත ශාලාවල කිසිම අපද්‍රව්‍යක් ආයතන භූමින් පිටතට යැවීම සදහා අවසර නොමැත. යන්ත්‍රෝපකරණ සිසිලන ජලය මුහුදින් ලබාගත්තද එය අපවිත්‍ර නොකර මුහුදට යැවිය හැක. නමුත් කිසිම අපද්‍රව්‍යක් ආයතන භූමින් පිටතට යැවීම හා වැසි ජලය සමග අපද්‍රව්‍යය මුසු උවහොත් විශාල දඩයක් ගෙවීමට සිදුවනු ඇත. ඒ පමණ නොව කර්මාන්තශාලා වලින් පිට කරන දුමද වායු දුෂණය නොවන ආකාරයට පිරිසිදු කර පිට කල යුතුය. අප රට මේ තැනට ගෙන ඒමට තව වසර කොපමණ ගතවේද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 243 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2094 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1596 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site