IMG-LOGO

කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාලය කැඩු දෙදෙනෙක් අත්අඩංගුවට

(අශෝක තිලකරත්න)

පොළට ගොස් ආපසු සිය යතුරුපැදියෙන් නිවස බලා යමින් සිටි කාන්තාවකගේ ගෙළ බැඳි රුපියල් 65000ක් වටිනා රන් මාලය සහ පෙන්ඩනය වැලිපිටිය හන්දියේදී වෙනත් යතුරුපැදියකින් පැමිණ  කඩා ගෙන පලා ගිය කොල්ලකරුවන් දෙදෙනෙකු වීරකැටිය හිඟුරමුලනේ දී අත්අඩංගුවට ගත් බව මිද්දෙනිය පොලිසිය පවසයි.

සැකකරුවන් ළඟ තිබී  මංකොල්ලකන ලද රන් මාලය සහ පෙන්ඩනය ද ඒ සඳහා යොදා ගත් යතුරුපැදිය ද  මීට පෙර ඕකෙවෙල දී රන්මාලයක් කොල්ලකෑමට යොදා ගත් වෙනත්  යතුරු පැදියක්ද  සොයා ගැනීමට පොලිසියට හැකි වී තිබේ.

අත්අඩංගුවට ගත්  සැකකරුවන් දෙදෙනා  වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු යොදා තිබුණි.

 

 



අදහස් (0)

කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාලය කැඩු දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 462 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 631 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site