IMG-LOGO

කතකගෙන් මුදල් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

(මොහොමඩ් ආසික්)
 
වයස අවුරුදු පනහට පමණ කාන්තාවක්  පුවත්පතක පළ කරන ලද මංගල දැන්වීමක් අනුව එම කාන්තාව සමඟ දුරකථනෙයන්  සබඳකම් පැවැත්වූ පුද්ගලයෙකු එම කාන්තාවගෙන් අවස්ථා කිහිපයක දී රුපියල් එක් ලක්ෂ තිස් දහසක මුදලක් වංචා කර සැඟව සිටියදී කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50 ක්පමණ වන අවිවාහක කාන්තාවක විසින් මෙයට වසර කිහිපයකට පෙර පුවත්පතක මංගල දැන්වීමක් පළ කරනු ලැබ තිබේ.

එහි සඳහන්ව තිබූ දුරකථන අංකය අනුව එම කාන්තාව අමතා ඇති ඇයගේ වයසේම අවිවාහක පුද්ගලයෙක්  ඇය විවාහ කර ගන්නා පොරොන්දුව පිට ඇය ඇසුරු කර ඇති අතර අවස්ථා කිහිපයකදී ඇයගෙන් රුපියල් එක් ලක්ෂ තිස් දහසක පමණ මුදලක්  ලබා ගෙන ඉන් පසුව වසර ගණනක්ම ඇය මඟ හැර සැඟව සිට තිබේ.

මේ සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50 ක් පමණ වන සැකකරු පොලීසිය මගින් අත් අඩංගුවට ගනු ලැබ ඇති අතර ඔහු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය  වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඇපමත මුදා හරිනු ලැබ තිබේ.

මංගල දැන්වීම් පළ කිරීමේදී දුරකථන අංකය පළ නොකිරීමටත් ලැබෙන පිළිතුරු සම්බන්ධයෙන් වඩාත් අවධානය යොමු කරන්නැයි  පොලීසිය පවසයි.



අදහස් (0)

කතකගෙන් මුදල් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 32 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 606 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site