(සිරංගිකා ලොකුකරවිට)
සෑම පළාත් පාලන ආයතනයකම කුණු ප්‍රශ්න තිබෙන බවත් මේ කුණු ප්‍රශ්න විසඳන්න සියලු පක්ෂවල අය සමගියෙන් කටයුතු කරන්න අවශ්‍ය බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) ගාල්ලේ දී කීවේය.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගාල්ල හෝල් ඩි ගෝල් ශාලාවේ දී පැවැති පළාත් පාලන ආයතන 93ක් සඳහා කසළ කළමනාකරණ සඳහා අවශ්‍ය උපකරණ බෙදාදීමේ උත්සවයකට සහභාගී වෙමිනි.
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශය මගින් රුපියල් ලක්ෂ 7350ක් වටිනා රථ වාහන ලබා දෙන ලදී. එහි දී අග්‍රාමාත්‍යවරයා මෙසේ ද කීවේය.
''සෑම පළාත් පාලන ආයතනයක ම කුණු ප්‍රශ්න තිබෙනවා. මේ කුණු ප්‍රශ්නවලට හැමදාම විරෝධතා තියෙනවා. පොහොට්ටුව පාලනය කරන සභාවල අපේ අය විරෝධතා දක්වනවා. එක්සත් ජාතික පක්ෂය පාලනය කරන පළාත් පාලන ආයතනවල පොහොට්ටුවේ අය විරෝධතා දක්වනවා. ඉතින් මීට වඩා හොඳයි දෙගොල්ලෝම ඒකතු වෙලා සියලු පක්ෂ සමගියෙන් මේ කුණු ප්‍රශ්නය විසඳන්න කටයුතු කිරීම. අද අපි කෝටි ගණනක් වටිනා රථ වාහන පළාත් පාලන ආයතනවලට ලබා දෙන්නේ මේ කුණු ප්‍රශ්නය විසඳන්න."
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කුණු ප්‍රශ්න විසඳන්න සමගියෙන් කටයුතු කළ යුතුයි