හිරාන් ප්‍රියංකර ජයසිංහ
කීඩෑ වසංගතයෙන් බැට කමින් කුඹුරු වගා කළ තමන්ට වන්දි ලබාදීම තබා වගා හානි සඳහා පිරවිය යුතු පෝරමවත් ලැබී නොමැති බව කොට්ටුකච්චිය ගොවීහු පවසති.
කොට්ටුකච්චිය සහ කච්චිමඩුව ප්‍රදේශවල ගොවීන් මේ වසරේ යල කන්නයේ වැපිරූ වී වගාව බරපතල ලෙස කීඩෑ හානියට ලක්ව තිබූ අතර එය අක්කර 500 කට ආසන්න විය.
කීඩෑ වසංගතය හේතුවෙන් ඇතැම් ගොවීන්ගේ වී වගාව සම්පුර්ණයෙන් විනාශව තිබූ බවත් සමහරුන්ගේ අස්වැන්න 20% දක්වා පහත වැටී තිබූ බවත් ගොවීහු පවසති.
මාධ්‍ය මගින් දැනුවත්වීම් කර තිබුණ ද කිසිදු නිලධාරියකු අවධානය යොමු නොකළ බවත් කුඹුරු වගාව අවසන් කර මාස ගණනාවක් ගතව ඇතත් මේ දක්වා අදාළ පෝරම නොදුන් බවත් ඔවුහු කීහ.
ඒ පිළිබඳව අදහස් දැක්වූ කීඩෑ වසංගතයෙන් හානි සිදුවු වගාකරුවකු වන ජයන්ත රෝෂාන් මහතා මෙසේ කීවේය.
“කීඩෑ වසංගතයෙන් අපේ කුඹුරු සියල්ල විනාශ වුණා. කෘමි නාශකවලට වියදම් වුණ මුදල අක්කරයක් සඳහා රුපියල් 8000 කට වැඩියි. ඒත් කිසිම නිලධාරියකු මෙහෙ පැමිණියේ නැහැ. අඩුම තරමින් සොයා බැලීමක් පවා වුණේ නැහැ.
මේ පිළිබඳව ආණමඩුව ගොවිජන සේවා නිලධාරි ප්‍රේමචන්ද්‍ර බණ්ඩාර මහතාගෙන් කළ විමසීමේදී ඔහු පවසා සිටියේ වගා හානි චක්‍ර ලේඛනයේ කීඩෑ හානිවලට වන්දි ගෙවීමට ක්‍රමවේදයක් නැති බවයි.
කීඩෑ හානිය විශාල වශයෙන් පැතිරී ගොස් නැතැයි සිය නිලධාරීන් පැවසූ බවත් ඔවුන් නිතර ඒ ප්‍රදේශයට ගොස් සොයා බැලීම් කිරීම නිසා කීඩෑ හානිය පාලනය කරගැනීමට හැකි වූ බවත් ඔහු කීය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
කීඩෑ වසංගතයෙන් බැට කෑ ගොවීහු කබලෙන් ලිපට