චමිල් රූපසිංහ
කඩුගන්නාව නගරය තුළ පිහිටි හරක් මස් වෙළඳසැල මහජනතාවගේ සෞඛ්‍යට අහිතකර ආකාරයෙන් පවත්වාගෙන යන බවත් එම නිසා එහි බලපත්‍රය අහෝසි කිරිමට කටයුතු කරන බවත් කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගොඩ මහතා පැවසීය.
අද (26) කඩුගන්නාව නගර සභාවේ පශු වෛද්‍ය නිලධාරින් කඩුගන්නාව පොලිසිය, කඩුගන්නාව නගර සභාවේ ලේකම් හා කඩුගන්නාව නගර සභාවේ නිලධාරින් එක්ව කළ විමර්ශනයක දී මේ බව සභාපතිවරයා පැවැසීය.
කඩුගන්නාව නගරයේ ඇති හරක් මස් වෙළඳසැල මෙම නිලධාරින් නිරික්ෂණය කරන අවස්ථාවේදි එහි ඉවත් කරන ලද අපද්‍රව්‍ය පහත මාලයක කාමරයක් තුල දමා තිබියදි අදාල නිලධාරින්ට දැක ගත හැකි විය.
එහි මාස කිහිපයක පටන් මස් වෙලද සැලෙන් ඉවත් කරණ මස් කටු විශාල ප්‍රමානයක් තිබුනු අතර ඒවා කුනු වි දුගද හමමින් විශාල මැස්සන් ප්‍රමානයක් වසමින් තිබු අතර එම දුගද පළාත පුරාම හමමින් ඇති බවත් අදාල නිලධාරින් කල නිරීක්ෂනයේදි පැහැදිලි විය.
මෙම මස් වෙළඳසල මහජනතාවට අහිතකර ආකාරයෙන් පවත්වාගෙන යන හෙයින් මේ සම්බන්ධව කඩුගන්නාව මහ සභාවට කරුණු ඉදිරිපත් කර සභා තීරණයක් මත එහි බලපත්‍රය අහෝසි කිරිමට කටයුතු කරනු ලබන බවද පැවසීය.
කඩුගන්නාව නගරය තුළ යකඩ අබලි ද්‍රව්‍ය එකතු කරන ස්ථානයක් ද මහජනතාවට හා එහි ගමන් කරන මාර්ගයේ වාහන වලට අවහිර වන අන්දමින් ද ඩෙංගු රෝගය ව්‍යාප්ත වන ආකාරයෙන් අබලි ද්‍රව්‍ය ගොඩනගා ඇති හෙයින් මහජන පීඩාකාරි පනත යටතේ නීති මාර්ගයෙන් කටයුතු කිරිමට පියවර ගන්නා බවත් මහජනතාවට පීඩාකාරි නොවන අන්දමින් එහි කටයුතු කිරිම සඳහා දින කිහිපයක් ලබාදුන් බවත් එසේ නොකළහොත් ඒවායේ ද බලපත්‍ර අහෝසි කර නීති මාර්ගයෙන් කටයුතු කරනු ලබන බවද කඩුගන්නාව නගර සභාවේ සභාපතිවරයා පැවැසිය.
2025 නොවැම්බර් මස 21
62
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
159
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1014
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කඩුගන්නාවේ හරක් මස් වෙළඳසැලේ බලපත්‍රය අහෝසියි