IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


කූට ලේඛන හැදුවාට කරුණු විමසයි

 
(දයාරත්න ඇඹෝගම)
 
උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ පරිපාලන නිලධාරිවරයා විසින් කුට ලේඛනයක් ප්‍රධාන ලේකම්වරයාට ඉදිරිපත් කර රුපියල් 36 ලක්ෂයක තිරුබදු වාසියක් ඇති වාහන බලපත්‍රයක් පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ගණකාධිකාරිවරයට ලබාදිම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලෙස රජයේ සහකාර විගණකාධිපතිවරයා විසින් පළාත් මාර්ග අධිකාරියේ සභාපතිවරයාට ලිඛිතව දන්වා තිබේ.


පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ගණකාධිවරයා විසින් ප්‍රධාන ලේකම්වරයාට ඉදිරිපත් කර තිබුණ සහනදායි පදනම මත මෝටර් රථ බලපත්‍රයක් ලබාගැනීමේ අයදුම්පතට අදාළව ගණකාධිකාරිවරයා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට තහවුරැවක් ලබාදෙන ලෙස ප්‍රධාන ලේකම්වර විසින් අධිකාරියේ සමාන්‍යාධිකාරිවරයා වෙත දන්වා තිබුණි.


ඒ අනුව සමාන්‍යාධිකාරිවරයා විසින් ඉදිරිපත් කර තිබු ලිපියේ වු ගණකාධිකාරි ජී.එම්.පි.එන්.පි.ගුණරත්න මයා සම්බන්ධයෙන් මේවන විට සක්‍රීය විනය පරික්ෂණයක් නොපවතින බව කාරුණිකව දන්වමි යන වැකියේ සක්‍රීය යන වචනය අධිකාරියේ පරිපාලන නිලධාරිවරයා විසින් මකන දියර යොදා මකා දමා තිබුණ බවට විගණනයේදි අනාවරණය වි තිබිණි.


ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර මෙම සහනදායි මෝටර් බලපත්‍රය ලබාගත් ගණකාධිවරයා අනුරාධපුර,ඔයාමඩුව,පේමඩුව මාර්ගය ඉදිකිරිමේදී තත්ව පරික්ෂණ වාර්තාවක් නොමැතිව රුපියල් 88.046.637.12 ක මුදලක් කොන්ත්‍රාත්කරුවකුට නීතිවිරෝධිව ගෙවීම සම්බන්ධයෙන් 2015 වසරේදී සේවයෙන් පහ කළ අයෙකි.


එහෙත් ඔහු නැවත 2017 වසරේදී නීතිවිරෝධි ආකාරයට සේවයේ පිහිටුවා ඇති බවටත් විගණන නිලධාරින්ගේ චෝදනාවට ලක්ව සිටිති.


මිට අමතරව මෙම ගණකාධිකාරිවරයා ඇතාකඩ,ඇටඹගස්කට,තෝනිගල මාර්ගය පිළිසකර කිරිමේදී රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් සාවද්‍ය ලෙස කොන්ත්‍රාත්කරුවෙකුට ගෙවීම සම්බන්ධයෙන් ද චෝදනා ලබා සිටින අතර ඒ සම්බන්ධයෙන් ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරික්ෂණ කටයුතු සිදුකරන ලදී.


ඒ අනුව 2018 පෙබරවාරි 15 දිනැති අංක 01/2018 දරණ වෙළද හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රලේඛයේ 2.5 ජේදයේ විධිවිධාන අනුකුලව මෙම ගණකාධිකාරිවරයාට සහනදායි පදනම මත මෝටර් රථ බලපත්‍රයක් නිකුත කළ නොහැකි බවද සහකාර විගණකාධිපතිවරයා විසින් පළාත් මාර්ග අධිකාරියේ සභාපතිවරයාට යැවු ලිපියේ සදහන් වේ.



අදහස් (0)

කූට ලේඛන හැදුවාට කරුණු විමසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 164 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 234 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1105 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site