(එස් .ඩි. කොඩිකාර )
රුපියල් ලක්ෂ 48 කට කොටපොල ප්‍රාදේශීය සභාවට අයත් කොටපොළ වෙළඳසැලක් බදුකරු විසින් වෙනත් පුද්ගලයෙකුට විකුණාදමා ඇතැයි කොටපොල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආනන්ද කුමාර මහතා අද (14) පැවති කොටපොල ප්‍රාදේශීය සභා සැසිවාරයේදී පැවසීය.
කොටපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති දයානන්ද අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් කොටපොළ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී සැසිවාරය පැවැත්විණි.
එහිදී මන්ත්‍රීවරයා මෙසේද කීය.
‘‘සභාවට අයත් තවත් කඩ කාමර විශාල ප්‍රමාණයක් තිබෙනවා. කවුරුත් මේ ආකාරයට සභාවෙන් වෙළඳසැල් බදු අරගෙන බද්දෙන් බද්දට විකුණනවා. සභාවට රුපියල් තුන්දාහක් බදු මුදල් ලැබෙන කොට බද්දෙන් බද්දට දීපු බදු කරුවන් රුපියල් 30000ක්,රුපියල් 40000ක් යන ආකාරයට මුදල් උපයනවා. මේකට හේතුව විශාල කාලයකින් අදාල වෙළඳසැල් වල මිලගණන් තක්සේරු කර නොමැති බව යැයි මන්ත්‍රීවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd