(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොටදෙනියාව තෘණ සම්පත් මධ්‍යස්ථානයේ බඩ ඉරිඟු වගා බිමේ බෝවී ඇති සේනා දළඹුවන් මර්දනය කිරීමට පියවර ගත් බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂ කේ. කේ. සරත් මහතා පැවසීය.
අක්කර දෙකක පමණ බිම් කඩක වගා කර ඇති ළපටි බඩ ඉරිඟු පැළවල සේනා දළඹුවන් ව්‍යාප්තව සිටි බව කෘෂිකර්ම උපදේශක නිලධාරීන් කළ පරීක්ෂාවේදී සොයාගෙන ඇත.
පිටතින් පොහොර හා සත්ත්ව ආහාර ආදිය ගෙන ඒම මගින් මෙම වගාවට සේනා දළඹුවන් සංක්‍රමණය වී ඇති බවට කොටදෙනියාව තෘණ සම්පත් මධ්‍යස්ථානය සැක කරයි.
මේ නිසා සම්පූර්ණ වගාව කපා වියළා සංරක්ෂණ ක්‍රමයක් ලෙස නිර්වායු තත්ත්වය යටතේ කල් තබා ගැනීමෙන් මෙම මධ්‍යස්ථානයට අවශ්‍ය සත්ත්ව ආහාර ලෙස ලබා දීමට කටයුතු කිරීමට තීරණය කර ඇති බව පළාත් අධ්‍යක්ෂ කේ. කේ. සරත් මහතා සඳහන් කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කොටදෙනියාවේ සේනා මර්දනය කෙරේ