(ශාන්ත චන්ද්‍රසිරි)
කොටගල නගරයේ පිහිටි වෙළෙඳ සැලක් බිඳ එහි වු මුදල් රැගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් දිඹුල-පතන පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
අද (20) අලුයම් කාලයේදි මෙම සොරකම් සිදුව ඇති අතර වෙළෙඳ සැලට ඇතුළු වු පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් එහි සවි කර තිබු ආරක්ෂක කැමරා පවා වෙනස් කොට ඇතැයි පොලීසිය සිදු කරන ලද මුලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
වෙළෙඳසැල තුළ තිබු රුපියල් 325000 ක පමණ මුදක් සොරකම් කොට ඇති බව වෙලෙඳසැල් හිමිකරු විසින් පොලීසියට පැමිණිලි කර තිබේ.
දිඹුල-පතන පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක එස්. කේ. පී. කේ. ටී. සුභසිංහ මහතා ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් විසින් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd