දයාරත්න ඇඹෝගම සහ කුෂාන් ජයවර්ධන
කැකිරාව ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී සම්පත් බණ්ඩාර හේරත් මහතාද උප සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එම්.එල්.හිලාල්දීන් මහතාද අද (11) තේරි පත්විය.
කැකිරාව ප්‍රාදේශීය සභාවේ මංගල රැස්විම අද (11) එම සභාවේ රැස්විම් ශාලාවේදි පැවැත්වුණු අතර සභාපතිවරයා පත් කිරිම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන්ම නාම යෝජනා දෙකක් ඉදිරිපත් විය.
ඒ අනුව පැවැත්වූ ඡන්දයෙන් වැඩි ඡන්ද 5 ක් ලබා ගනිමින් සම්පත් බණ්ඩාර හේරත් මහතා නව සභාපතිවරයා ලෙසට තේරිපත්විය.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු දෙදෙනාද මෙහිදි සම්පත් බණ්ඩාර හේරත් මහතාට පක්ෂව ඡන්දය ලබාදීම විශේෂත්වයක් විය. ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.