ප්‍රසාද් රුක්මාල්
ඌව පළාත් සභාවේ සේවක වැටුප් ගෙවීමට අදාළව ඌව පළාත් ප්‍රධාන ඇමැති චාමර සම්පත් දසනායක මහතා අද (9) ඌව පළාත් සභා මාසික රැස්වීමට ගෙන ආ රුපියල් මිලියන 892 ක පරිපුරක ඇස්තමේන්තුව බහුතර ඡන්දයෙන් සභා සම්මත විය.
පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එජාපයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු මෙහිදී පක්ෂව ඡන්ද ප්‍රකාශ කළ අතර ජවිපෙ මන්ත්‍රිවරයකු සහ ඒකාබද්ධය නියෝජනය කරන මන්ත්‍රීවරු 7 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
ඌව පළාත් සභාවේ සභාපති ඒ.එම්.බුද්ධදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් සභා මාසික රැස්වීම පෙරවරු 10.30ට පමණ සභා ශාලාවේ දී ආරම්භ විය.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.