(විජේරත්න රත්නායක )
උමාඔය සංවර්ධන ව්‍යාපෘතියේ භූගත උමං මාර්ගයේ කැණීම් හේතුවෙන් යළිත් බණ්ඩාරවෙල කිරිඔරුව හා කොන්තේහෙල ග්‍රාම නිලධාරී වසම්වලට අයත් ගම්මාන රැසක පානීය ජලය ලබා ගන්නා ළිං සිඳී ගොස් බවත් වාරි ජලය නැතිවීමෙන් වගාබිම් රැසක් පුරන්ව වී ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති.
උඩුතුරේ, මුරුතකුඹුර, හාපත්ගමුව, කොන්තේහෙල, ගොරඩියකුඹුර, සාමචේතියගම, මිනුවන්වැවපතන ඇතුළු ප්‍රදේශ රැසකට මෙම තත්වය බලපා ඇති අතර ප්‍රදේශයේ ළිං 50 කට අධික සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම සිඳීගොස් ඇත.
ළිං මෙන්ම ජල උල්පත් සිඳී යාම නිසා වාරි ජලය හිඟ වීමෙන් දෙහිරිතැන්නයාය යාය, කොන්තේහෙල යාය සහ ඉදිකඩයාය යන කුඹුරු යායන්හි අක්කර සියයක් පමණ වගාකළ නොහැකිව ඇති බවත් උමාඔය ව්‍යාපෘතිය මඟින් සතියකට ලීටර් පන්සියයක් බැගින් ජලය ලබාදෙන නමුත් එම ජල ප්‍රමාණය නිවසේ එදිනෙදා කටයුතු සඳහා හෝ කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් ගම්වාසීහු පවසති.
එබැවින් මේ සියළු විනාශයන් හා අලාභහානි වෙනුවෙන් අගතියට පත් සියළු දෙනාට සාධාරණ වන්දියක් ලබාදී ප්‍රදේශයේ ජන ජීවිතය යථා තත්වයට ගෙනඒමට සුදුසු කඩිනම් පියවරක් ගන්නා මෙන් ඔවුහු රජයෙන් හා අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරිසරික සාධක වලට අනුකුල වනසේ සංවර්ධන වැඩ කටයුතු සිදුකිරීමට දේශපාලකයන්හට නිසි පාරිසරික දැනුම නොමැතිවීම නිසා මෙවැනි ව්‍යසන සිදුවේ. මසකට ලක්ෂ ගණනින් වැටුප්ද, අනෙකුත් සියලු පහසුකම්ද ගෙන නිසි සේවයක් සැලසීමට දැනුම හෝ අවබෝධය නොමැති උපදේශකයන්ද මේවාට වගකිවයුතු වුවද ඔවුන් මේ රටේ සියලු වගකීම් වලින් නිදහස් පිරිසකි. වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද ඒ අමාරුව.