(රොමේෂ් මධුෂංඛ)
උතුරු මුහුදේදී නාවික හමුදාවට හමු වූ විශාලතම කේරල ගංජා තොගය කිලිනොච්චිය ඉරණතිව් මුහුදේ පාවෙමින් තිබියදී උතුරු මැද නාවික විධානයට අයත් නාවික යාත්‍රාවකට හමුවී ඇත.
උතුරුමැද නාවික විධානයට අයත් මුර යාත්‍රා 3 ක් කිලිනොච්චිය ඉරණතිව් මුහුදේ කරන ලද සෝදිසි කිරීමකදී කේරළ ගංජා කිලෝ 284.05 ක ප්‍රමාණයක් මුහුදේ පාවෙමින් තිබියදී සොයාගෙන තිබේ.
අදාල කේරල ගංජා තොගය ඇසුරුම් 95 ක බහා තිබූ අතර ඉන්දියාවේ සිට අදාල කේරල ගංජා තොගය රැගෙන එන්නට ඇති බවටත් පසුව නාවික හමුදා යාත්‍රාවන් දැක ජාවාරම් කරුවන් විසින් කේරල ගංජා තොගය මුහුදට දමා පලා යන්නට ඇති බවට නාවික හමුදාව සැකකරයි.
කෙසේ වෙතත් කේරල ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 30 ක් ඉක්මවන අතරම මේවා නාවික හමුදාව විසින් ඉදිරි නීතිමය කටයුතු සඳහා කිලිනොච්චිය මුලංකාවිල් පොලීසියට බාර දී දී තිබේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd