ජුඩ් සමන්ත
උඩප්පුව නගරයේ ත්‍රී රෝද රථ අමතර කොටස් අලවි සැළක් පවත්වා ගෙන ගිය ව්‍යාපාරිකයෙකුගේ බව කියන පිළිස්සුණු මළ සිරුරක් අතහැර දමන ලද ගල් මෝලක් අසල තිබී හමුවී ඇති බව උඩප්පුව පොලීසිය කියයි.
මිය ගොස් ඇත්තේ උඩප්පුව - කොට්ඨාස අංක 04 පදිංචිව සිටි පෙරියවෙල්ලායන් ආරුමුගන් (අවු:36) නම් අයෙකු බවට හඳුනාගෙන ඇත. අද වැනිදා දහවල් පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුක් මත මෙම මළ සිරුර සොයා ගෙන තිබේ. කීරියන්කල්ලිය - ආඩිගම මාර්ගයේ පිහිටි අතහැර දමන ලද ගල් මෝලක් අසල මළ සිරුර තිබී ඇත.
මිය ගොස් ඇති අය ඉරිදා (29) පෙරවරු 10.00 පමණ සිට අතුරුදහන්වී ඇති බව ඔහුගේ සහෝදරයෙකු වන වසන්තන් කුමාරන් උඩප්පුව පොලීසියට පැමිණිල්ලක් කර ඇත.
(ඡායාරූප හිරාන් ප්‍රියංකර)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
උඩප්පුව ව්‍යාපාරිකයාගේ මළ සිරුර ගල්වලක් අසල