IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඉස්සන් ගොවිපොළක් නිසා සේතාපොළ ධීවරයෝ ගැටළුවක


 ජුඩ් සමන්ත
 
 
 
පුත්තලම - දළුව, සේතාපොළ ගම්මානයේ පදිංචි ධීවරයින් කලපුවට පිවිසීම සඳහා වසර ගණනාවක් භාවිත කළ මාර්ගය වසා දමා ඉස්සන් ගොවිපළක් ඉදිකිරීම නිසා, කලපුව තුළ සිදුවන පාරිසරික හානි හේතුවෙන් තම වෘත්තීය කටයුතු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි ධීවරයෝ පවසති.
 
සේතාපොළ ගම්මානයේ පවුල් 20කට වැඩි පිරිසක් ජීවිකාව කරගෙන යනු ලබන්නේ කලපුව තුළ ධීවර කටයුතුවල නිරත වෙමිනි. ඔවුහු තෙප්පම් හා විසි දැල් භාවිතා කරමින් තම කර්මාන්තයේ නියැලෙති. 
 
ගම්මානයේ සිට කලපුව දක්වා ගමන් කිරීමට ඔවුන් අතීතයේ සිට භාවිතා කළ මාර්ගය අවහිර කරමින් මේ වන විට ඉස්සන් ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. මෙම ගොවිපළ පවත්වාගෙන යන ඉඩම අක්කර 50 කින් යුතු රජයේ ඉඩමක් බව ගම්වැසියෝ කියති. මෙම ව්‍යාපාරයේ හිමිකරුවන් විසින් පනවන කොන්දේසි හේතුවෙන් ගම්මානයේ සිට කලපුව දක්වා වූ මාර්ගයට බාධා එල්ල වී ඇත. 
 
ඉස්සන් ගොවිපළට කලපුවේ ජලය ලබා ගැනීම සඳහා ගොවිපලේ සිට කලපුව දක්වා ගැඹුරු ඇළවල් රැසක් කපා ඇත. කලපුවේ සිට ජලය පොම්ප කිරීම සඳහා විදුලිය ලබා ගෙන ඇත්තේ ද කිසිදු ක්‍රමවේදයකින් තොරව අනාරක්ෂිත ආකාරයෙනි. 
 
මෙම තත්ත්වය අනතුරුදායක බව ගම්වාසීහු පවසති. කලපු තීරයේ ඇළවල් කැපීමේදී කඩොලාන ශාක විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති බවත්, එකී ශාක ඇළවල් කැපීමේදී ඉවත් කළ පස් යොදා වසා දමා ඇති බවත් ධීවරයෝ කියති. කලපුවේ කපා ඇති ඇළ මාර්ග ගැඹුරු බැවින් කලපුව ජලයෙන් පිරී ගිය විට අනතුරුදායක තත්ත්වය වැඩි වන බවද වැඩි වේ. 
 
ඇළ මාර්ග කැපීම නිසා සේතාපොල කලපු ඉවුරේ පවත්වා ගෙන ගිය තොටුපළක් අතහැර දැමීමට ද ධීවරයින්ට සිදුවී ඇත. පවතින තත්ත්වය නිසා මේ වන විට සේතාපොළ ගම්මානයේ ධීවරයින්ට තම රැකියා කටයුතු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත.
 
මෙම තත්ත්වය සම්බන්ධයෙන් වගකිව යුතු අංශ දැනුම්වත් කළ ද මෙතෙක් පිළිතුරක් ලැබී නොමැති බව ගැටලුවට මුහුණ දී සිටින ධීවරයෝ පවසති. රජයේ නිලධාරීන් විසින් යම් ව්‍යාපාරයක් සඳහා ඉඩම් වෙන් කිරීමේදී මහජනතාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවත්, පරම්පරා කීපයක් භාවිත කළ මාර්ගයක් වසා දැමීම අපරාධයක් බවත් ඔවුහු කියා සිටිති.
 
මේ සම්බන්ධයෙන් අප වයඹ පළාත් සභාවේ ධීවර ඇමැති සුමල් තිසේරා මහතාගෙන් විමසා සිටියෙමු. 

“ඔය කියන ගැටලුව සම්බන්ධයෙන් කිසිවෙකු මේ වන තුරු මා දැනුම්වත් කර නැහැ. ඒ නිසා මට පැහැදිල් පිළිතුරක් ලබා දීමට හැකියාවක් නැහැ. ගැටලුවට මුහුණ දී සිටින ධීවරයින් හා ඉදිරියේදී කථා කර සහනයක් ලබා දීමට කටයුතු කරන්නම්” යැයි පැවසීය.


 



අදහස් (0)

ඉස්සන් ගොවිපොළක් නිසා සේතාපොළ ධීවරයෝ ගැටළුවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site