මන්නාරම, ඉලුප්පුකඩවායි වෙරළෙහි තිබී බීඩි කොළ කිලෝග්‍රෑම් 303යි ග්‍රෑම් 900ක ප්‍රමාණයක් අද(29) සොයාගත් බව නාවික හමුදාව පවසයි.
වෙරළ ප්‍රදේශයේ කළ සෝදිසියකදී අතහැර දමා ගොස් තිබූ පාර්සල් අටක් සෝදිසිකිරීමේදී මෙම බීඩි කොළ තොගය සොයාගැනීමට හැකිවී ඇත.
ජාවාරම්කරුවන් මෙම බීඩි කොළ තොගය අතහැර දමා පලායන්නට ඇති බවට සැක පළ කෙරේ.
බීඩි කොළ තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා යාපනය, රේගු කාර්යයාලය වෙත භාර දීමට නියමිතය.
මේ දක්වා කාලය තුළ නාවික හමුදාව බාරයට ගත් බිඩී කොළ තොගය ටොන් 50 ඉක්මවන බවද හමුදාව පවසයි.
(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd