(ජි.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
ඉමදුව පිටුවලහේන ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ පිහිටි කෝඹල රක්ෂිතයේ හැවන රතුවිල ප්‍රදේශයේ පයිනස් වගාවක් අද (18) දහවල් ගිනි ගැනීමෙන් දැනට අක්කර 12ක් පමණ සහමුලින්ම විනාශවි ගොස් ඇතැයි යක්කලමුල්ල පොලිසිය කියයි.
පොලිසිය පවසන්නේ මෙම ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නොමැති අතර එය කිසියම් පිරිසක් ගිනි තැබුවාද නැත්නම් ස්වාභාවික ගිනි ගැනීමක්ද යන්න සෙවිම සඳහා පරික්ෂණ ආරම්භ කර ඇති බවයි. මෙම ගින්න අධික පෑවිල්ල සහ ප්‍රදේශයේ පවතින තද සුළඟ හේතුවෙන් වේගයෙන් පැතිර යන බව පවසන පොලිසිය එය මැඩ පැවැත්වීම අසීරුබවද පවසයි.
මෙම ගින්න සම්බන්ධයෙන් යක්කලමුල්ල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉමදුව කෝඹල රක්ෂිතයේ ගින්නක්