(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ඉබ්බංකටුව ජලාශයේ ජල මට්ටම ඉහළ යෑමත් ඊයේ (30) රාත්‍රියේ එහි වාන් දොරටු දෙකක් විවෘත කිරීමට ශ්රී ලංකා මහවැලි අධිකාරියේ නිලධාරීහු පියවර ගත්හ.
ජලාශයේ වාන් දොරටු හතරෙන් දෙකක් අඩි දෙක බැගින් විවෘත කිරීමත් සමඟ දඹුලු ඔය හරහා කලාවට විශාල ජල ප්‍රමාණයක් රාත්‍රියේ ගලා යන්නට විය.
දඹුලු ඔය දෙපස ජනතාව විමසිල්ලෙන් පසු වෙන්නැයි මහවැලි නිලධාරීහු ඉල්ලා සිටිති.
එමෙන්ම ප්‍රදේශයේ සුළු වැව් රැසක් ද ජලයෙන් පිරී පිටාර ගැලීමට පටන් ගෙන ඇතැයි වාරිමාර්ග සහ මහවැලි අංශ පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd