නැගෙනහිර සහ ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි
‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී මධ්‍යම, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ‘.
ත්‍රිකුණාමලය සිට පොතුවිල් සහ මාතර හරහා ගාල්ල දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් අනෙකුත් මුහුදු ප්‍රදේශවල අපර භාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
2015 මාර්තු මස 26 වැනි දින දහවල් 12.00 ට නිකුත් කෙරිණි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd