නිශාන්ත කුමාර
කන්දකැටිය ප්‍රදේශයේ දී අද (07) දහවල් ඇළකට වැටී ගසාගෙන ගිය දරුවෙකු රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.
සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කන්දකැටිය බුබුල ප්‍රදේශයේ එච් පී ඩී සදෙව් නැමැති වයස අවුරුදු එක හමාරක දරුවෙකි.
නිවැසියන්ගේ ග්‍රහණයෙන් මිදුණූ දරුවා ඇළ මාර්ගයට වැටී ගසාගෙන ගොස් ඇති අතර දරුවා නිවසේ නොමැතිබව දැනගත් ඔහුගේ ඥාතීහු පසුව කළ සොයාබැලීමකදී ඇල මාර්ගයේ ගසාගෙන යමින් සිටි දරුවා ගොඩ ගෙන කන්දෙකැටිය රෝහලට ඇතුළත් කර ඇත.
කෙසේ වෙතත් මූලික ප්‍රතිකාර වලින් පසුව දරුවා බදුල්ල මහ රෝහල වෙත ඇතුලත් කර ඇතත් ඔහු එහිදී මිය ගොස් තිබේ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ඇළට වැටුණු දරුවා මරුට