IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඇල්පිටියේ නම් ගැසට් කිරීම ප්‍රමාදයි

(ඩී.ජී.සුගතපාල)

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට සමානුපාතික නියෝජනය යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නම් කළ යුතුව තිබෙන සභිකයින් තිදෙනාගේ නම් මේ වනතුරු ඒවා නොතිබීමෙන් එම නම් ගැසට් කිරීමටත් සභාව රැස්විමටත් නොහැකි වී ඇතැයි දකුණු පළාත් පාලන දෙපාර්තමේන්තු පවසයි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය පවත්වා මේ වනවිට මාසයකට අධික කාලයක් ගතව ඇතත් තවමත් සභාව පාලනය වන්නේ ලේකම්වරිය යටතේය.

සභිකයින් 15ක ගෙන් සමන්විත වූ  ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා නව මැතිවරණ ක්‍රමය යටතේ ඔක්තෝබර් 11 වැනි දා පවත්වන ලද මැතිවරණයේ දී කොට්ඨාස මට්ටමින් පොදුජන පෙරමුණට සභික ධුර 17ක් ද හිමිවු අතර සමානුපාතික නියෝජනය යටතේ එක්සත් ජාතික පක්ෂයට සභික ධුර 7ක් ද එක්සත් ජනතා නිදහස් සන්ධානයට සභික ධුර 3ක් ද ජනතා විමුක්ති පෙරමුණට සභික ධුර 2ක් හිමි විය. ඒ අනුව සම්පූර්ණ සභික සංඛ්‍යාව 29කි.

සමානුපාතික නියෝජනය යටතේ තෝරා පත් කරනු ලබන සභිකයින්ගේ නම් ඒ ඒ පක්ෂවලින් නම්කර එවිය යුතු වුවත් එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් එම පක්ෂයෙන් නම් කරනු ලබන සභිකයින්ගේ නම් මෙතෙක් දන්වා එවා නොතිබිම නිසා ගැසට් පත්‍රයට යැවිම ප්‍රමාදවි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් නියොජ්‍ය මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ උසස් නිලධාරියෙකු පැවසීය.

එක්සත් ජාතික පක්ෂයට සමානුපාතික නියෝජනය යටතේ හිමිවන සභික ධුර 7 සඳහා ද ජනතා විමුක්ති පෙරමුණට සමානුපාතික නියෝජනය යටතේ හිමිව සභික ධුර 2 සඳහා ද නම් එවා ඇතත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවු සභික ධුර 3 සඳහා මෙතෙක් එම සන්ධානය විසින් නම් එවා නොතිබීමෙන් සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා නම් කිරිමට ද නොහැකිව තිබෙන අතර සභාව රැස්වීමට ද නොහැකිව ඇත.



අදහස් (0)

ඇල්පිටියේ නම් ගැසට් කිරීම ප්‍රමාදයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site