IMG-LOGO

ඇඳිරිනීතිය පැවතිය ද වැව්වලට ඇඟිල්ලන් මුදා හැරීමේ කටයුතු දිගටම

(සිරංගිකා ලොකුකරවිට) 

ඇඳිරිනීතිය පැවතිය ද දකුණු පළාතේ වැව්වලට මාළු පැටවුන් හෙවත් ඇඟිල්ලන් මුදා හැරීමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බව දකුණු පළාත් ධීවර අමාත්‍යාංශය පවසයි.

දකුණු පළාත් ධීවර අමාත්‍යාංශයේ ලේකම් විදුර කාරියවසම් මහතා පවසන්නේ කොරෝනා වසංගතය හේතුවෙන් ඇඳිරිනීතිය පනවා තිබුණ ද මෙම ව්‍යාපෘතිය අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස සළකා ක්‍රියාත්මක කිරීමට සිදුවන බවයි. වැව් සඳහා මුදාහැරීමට සකසා ඇති ඇඟිල්ලන් නිසි පරිදි මුදාහැරීමට නොහැකි වුවහොත් වැව් ධීවර කර්මාන්තය ඉදිරි මාස කිහිපයේ දී බිඳ වැටෙන බැවින් මෙලෙස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.

මේ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැව් 13කට සහ මාතර දිස්ත්‍රික්කයේ වැව් දෙකකට පසුගිය දින කිහිපයක දී ඇඟිල්ලන් 830,000ක් පමන මුදාහැර ඇත.

ධීවර අමාත්‍යාංශයේ ලේකම් විදුර කාරියවසම් මහතා පවසන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයට රුපියල් ලක්ෂ 82.5ක් හා මාතර දිස්ත්‍රික්කයට රුපියල් ලක්ෂ 20ක වියදමින් මාළු පැටවුන් හෙවත් ඇඟිල්ලන් වැව්වලට මුදාහැරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ එම ව්‍යාපෘතිය අප්‍රේල් මස 15 දිනට පසු ක්‍රියාත්මක කරන බව ද හෙතෙම පැවසීය.
මෙලෙස මුදා හැර ඇත්තේ තිලාපියා, රෝහු සහ කැට්ලා යන මත්ස්‍යයන් ගේ කුඩා පැටවුන්ය.

ජලජීවී වගා සංවර්ධන අධිකාරිය සමග එක්ව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතියේ 2020 වර්ෂයේ පළමු කාර්තුවේ කොටස මෙලෙස ක්‍රියාත්මක කර ඇත. ‍

ධීවර අමාත්‍යාංශය පවසන්නේ මුදාහරින ලද පැටවුන්ගේ අස්වැන්න මාස හයක දී ලබාගත හැකිවන බවයි.
මෙම ව්‍යාපෘතිය ධීවර අමාත්‍යාංශයේ නි‍යෝජ්‍ය අධ්‍යක්ෂ රසංග සූරියආරච්චි, සහකාර අධ්‍යක්ෂ (සැළසුම්) චතුරිකා ප්‍රසාදිනී යන මහත්ම මහත්මීන්ගේ මෙහෙයවිමෙන් මාතර ජලජීවී නිලධාරී කේ.ඩී. සංජීව මහතා, සහ හම්බන්තොට දිස්ත්‍රික් වගා නිලධාරී ගයාන් චන්ද්‍රකීර්ති යන මහත්වරුන් ගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කෙරිණි.



අදහස් (0)

ඇඳිරිනීතිය පැවතිය ද වැව්වලට ඇඟිල්ලන් මුදා හැරීමේ කටයුතු දිගටම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 174 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 690 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site