(එස්. ඩී. කොඩිකාර)
දෙනියාය, බෙරලපනාතර ප්‍රදේශයේ ඇඳුම් මසන්නකු එල්ල කළ කතුරු පහරින් තුවාල ලැබූ තරුණයකු අද(10) මියගොස් ඇතැයි ඌරුබොක්ක පොලිසිය කියයි.
මැසීමට දුන් ඇඳුමක් සම්බන්ධයෙන් එම සාප්පුවේ දී ඇති වූ කතාබහක් දුරදිග යාම හේතුවෙන් එල්ල කළ කතුරු පහරින් තුවාල ලැබූ තරුණයා බරපතල තුවාල ලබා හීගොඩ රජයේ රෝහලට රැගෙන යනවිට මිය ගිය බව පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ විලබඩ හංදිය, කිරිවැල්දොල, දෙනියාය පදිංචි කසුන් ධනංජය නැමති 21 හැවිරිදි තරුණයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් බෙරලපනාතර ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි සැකකාර ටේලර්වරයා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය හීගොඩ රජයේ රෝහල දී පැවැත්වීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් ඌරුබොක්ක පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඇඳුම් මසන්නාගේ කතුරු පහරින් තරුණයෙක් මරුට