IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


ඇදිරිනීතිය කඩකළ 804ක් කුරුණෑගලින් අත්අඩංගුවට

( පුෂ්පකුමාර ජයරත්න )

රජය විසින් පනවන ලද පොලිස් ඇඳිරි නීතිය කඩකළ  පුද්ගලයන් 804 දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේවනවිට ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
 

 පාස්කු ඉරිදා දිනයේ එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් අනතුරුව එදින (21) සිට අද (28) දිනය දක්වා ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 335 දෙනෙකු කුරුණෑගල පොලිස් කොටිඨාශයෙන්ද , පුද්ගලයන් 360 දෙනෙකු කුලියාපිටිය පොලිස් කොටිඨාශයෙන්ද , පුද්ගලයන් 109 දෙනෙකු නිකවැරටිය පොලිස් කොටිඨාශයෙන්ද සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන බවද නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය  සඳහන් කරයි.
 
ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ අවස්ථාවෙිදි එම නීතිය නොතකා ගමන් බිමන් ගිය , ප්‍රසිද්ධ ස්ථාන වල මංසන්ධිවල ඇවිදිමින් නිකරුණේ කාලය ගතකළ , වෙළෙඳසැල් විවෘත කර වෙළඳාමෙහි යෙදී සිටි ව්‍යාපාරිකයින් ඇතුඵ පිරිසක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. 
 
 රටේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක රටේ සියලුම පුරවැසියන් එම හදිසි නීති රෙගුලාසි වලට යටත්ව කටයුතු කළ යුතු බවද , මෙසේ අත්අඩංගුවට පත් පිරිස එම හදිසි නීති රෙගුලාසි ගණනකට නොගෙන කටයුතු කළ පුද්ගලයන් බව කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතා  ප්‍රකාශ කළේය.
 
 අත්අඩංගුවට ගත් පිරිස පොලිස් ඇල මත මුදා හැර ඔවුන්ට මහජන ආරක්ෂක පනත යටතේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බවද පෙන්වා දුන් කිත්සිරි ජයලත් මහතා , පනවා ඇති හදිසි නීති රෙගුලාසි කඩකරන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා දැඩිව ක්‍රියාත්මක කිරීමට දිස්ත්‍රික්කයේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියම කර ඇති බවද සඳහන් කළේය.
 
 යම් අත්‍යාවශ්‍ය හෝ වෙනත් හදිසි අවශ්‍යතාවයක් ඇත්නම් ඒ සඳහා තම බල ප්‍රදේශයේ පිහිටි පොලිස් ස්ථානයෙන් අවශ්‍ය හදිසිනීති ගමන් බලපත්‍ර කිසිදු ගැටලුවකින් තොරව ලබාගත හැකි බවද ජයලත් මහතා ප්‍රකාශ කළේය.
 



අදහස් (0)

ඇදිරිනීතිය කඩකළ 804ක් කුරුණෑගලින් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 98 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 246 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 595 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site