ලලිත් නවරත්න
හලාවත පුත්තලම මාර්ගයේ ආරච්චිකට්ටුව හැළඹවටවන ප‍්‍රදේශයේදී අද සවස සිදුවූ රිය අනතුරකින් තුවාල ලැබූ සිව්දෙනෙකු හලාවත රෝහලට ඇතුලත්කළ බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.
හලාවත දෙස සිට පුත්තලම දෙසට ගමන්ගත් කොමඩු පටවාගත් කුඩා ලොරිරථයක් ඉදිරියෙන් ගමන් කළ බස්රථයක් පසු කරයාමට උත්සාහ කිරීමේදී පුත්තලම දෙස සිට හලාවත දෙසට ධාවනය වූ තවත් ලොරිරථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
පුත්තලම දෙස සිට හලාවත දෙසට ගමන්ගත් ලොරිරථය පිටුපසින් පැමිණි යතුරුපැදිකරුවෙකු ද වේගය පාලනය කරගත නොහැකිව ලොරිරථයේ පිටුපස ගැටී තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd