ශ්රී ලංකාවට නැගෙනහිර දෙසින් බෙංගාල බොක්කේ පැවති වායුගෝලීය කැළඹිලි සහගත තත්ත්වය දැන් අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීම හේතුවෙන් දිවයිනේ අහස වලාකුළින් බරව පවතින අතර වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ශ්‍රී ලංකාව වටා වන මුහුදු ප්‍රදේශ වල තද සුළං ඇති වීමේ හැකියාව පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වායුගෝලයේ පවතින අඩු පීඩන කලාපය නිසා, ශ්‍රි ලංකාවේ බොහෝ ප්‍රදේශවල සහ රට වටා වන මුහුදු ප්‍රදේශයේ වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. සමහර ස්ථාන වලට මිලී මීටර් 150 ක පමණ වර්ෂාව ඇතිවීමට ඉඩ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd