IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘අලිමංකඩවලින් සියයට 95 ක් වැහිලා‘ -වනජීවී ඇමැති


( විනීතා එම් ගමගේ)


අලිමංකඩවලින් සියයට 95 ක්ම මිනිසුන් විසින් අසුරා ඇතැයි තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පවසයි. 

දිවයින පුරා කිලෝ මීටර් 4382.6 ක් දිගැති අලි වැටවල් 263 ක් ස්ථාපිත කර ඇතත් මෙසේ අලි මංකඩ ඇසිරීම හේතුවෙන් තත්ත්වය බරපතල වී ඇතැයි ද විදුලි වැට ඉදිකිරීම හා නඩත්තුව පිළිබඳව සවිස්තර වාර්තාවක් ලබා දෙන ලෙස වනජීවි නිලධාරින්ට හා සිවිල් ආරක්ෂක නිලධාරින්ට එහි දී උපදෙස් දුන් බව ද සමරවීර මහතා ප‍්‍රකාශ කළේය.  

කෙසේ වෙතත් විදුලි වැට නඩත්තුවට ප‍්‍රමුඛතාවක් දීමට අදාල නිලධාරින්ට උපදෙස් දුන් බවත් ඒ සහා යොදා ගන්නා ලී කණුවල ගුණාත්මක භාවය හා ප‍්‍රමිතිය පවත්වා ගැනීමටත් වෙනත් ආදේශක පිළිබඳ සොයා බැලීමට අදාල නිලධාරින්ට උපදෙස් දුන් බව ද අමාත්‍යවරයා කීය. 

අමාත්‍යංශය භාර ගැනිමෙන් පසු ඉකුත් 15 වැනිදා එහි නිලධාරින් සමඟ පැවැත්වූ සාකච්ඡාවේ දී මෙම උපදෙස් දුන් බව ද ඔහු කියා සිටියේය.

විදුලි වැට නඩත්තුව හා ඉදිකිරීම වෙනුවෙන් දැනට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ලබා දෙන උපකරණ, විදුලි වැටවල් සඳහා සැපයීමේ දී සිදුවන ප‍්‍රමාදයන් ගබඩා පහසුකම් ප‍්‍රවාහන දුෂ්කරතාවන් අවම කරමින් සේවාව කඩිනම් කිරීම සඳහා නිලධාරිවරයාගේ සිට ප‍්‍රාදේශිය ලේකම්වරයා දක්වා දැනුවත් කර කමිටු පිහිටුවීමට යෝජනා කළ බව ද හෙතෙම සඳහන් කළේය.
 
සේවක ගැටළු හඳුනාගෙන අවම කිරීමත් පුරප්පාඩු සඳහා නව නිලධාරින් බඳවා ගැනීමත් පිළිබඳව අවධානය යොමු කළ බව කී අමාත්‍යවරයා  වනජීවි කලාප වල සේවය කරන සිවිලි ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරින් ගේ ගැටළු පිළිබඳව ද අවධානය යොමු කළ බව කීය. 



අදහස් (0)

‘අලිමංකඩවලින් සියයට 95 ක් වැහිලා‘ -වනජීවී ඇමැති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site