පණ්ඩිත් අමරදේවයන්ගේ නමින් ඉදිකිරීමට යෝජිත අමරදේව සංගීත අසපුව ඉදිකිරීම සඳහා හොරණ,බණ්ඩාරගම,පාදුක්ක ඉඩම් හඳුනාගෙන ඇති බවත්, ඉතාමත් ඉක්මණින්ම අදාල ඉඩම් නිරීක්ෂණය කිරීමේ කටයුතු සිදුකිරීමට නියමිත බව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
අමරදේවයන්ගේ නමින් ඉදි කෙරෙන සංගීත අසපුව කලාකරුවකු බිහිකරන තෝතැන්නක් විය යුතු බවත්, එය කලන නිකේතනයක් ලෙසට සියළු අංගවලින් සමන්විත පූර්ණ සෞන්දර්ය විශ්වවිද්‍යාලයක් ලෙසින්ද හැඳන්විය හැකි පරිසරයක් විය යුතු බව මෙම විශේෂ සාකච්ජාවකට සහභාගී වූ ප‍්‍රවීණ රංගධර ආචාර්ය කෝලිත භානු මහතා කීවේය.
අදාල කාර්යය පිළිබදව පණ්ඩිත් අමරදේවයන්ගේ අදහස් ද ලබාගත් යුතු බවත්, භූමිභාගය නිවැරදිව තෝරාගත් පසු පණ්ඩිත් අමරදේව ශූරින්ට අදාල භූමිය
පෙන්වීම සඳහා මෙය නැරඹීමට අවස්ථාව ලබා දිය යුතු බව මෙහිදී අවධාරණය විය.



COMMENTS
ඉතා හොඳයි. මීට බොහෝ කලකට පෙර සිදුවිය යුතු දෙයක්. ඔහුගෙන් සිදු වූ සේවය මිල කළ නොහැකියි. ජාතික සම්පතක් වූ ඔහු රැකගත යුතුයි. ඔහුගේ අතීත ගායන වාදන සුරැකිය යුතුයි. ඒවා පරිශීලනයට ඉඩ සැළසිය යුතුයි. විශේෂයෙන් ඔහුගේ ඉමිහිරි වයලින් වාදන නූතන පරපුරට ඇසීමට කටයුතු සැළැස්විය යුතුයි. (නි)
ඉතා හොඳ තීරණයක්. සෞන්දර්ය විෂය මනාව හදාරන්න දරුවන්ට හොඳ අවස්ථාවක් මෙයින් සැළසෙනවා. පූර්ණ සෞන්දර්ය විශ්ව විද්‍යාලයක් ලෙසින් මෙය ගොඩනැගීම රටේ දක්ෂ කලාකරුවන් බිහිකරන්න තෝතැන්නක් වේවි ! (නි)
හොඳ වැඩක් (නි)
හොරණ දැනටමත් සුප්‍රසිද්ධ සංගීත ආයතනයක් තිබෙන නිසා පාදුක්ක තමයි මෙ වැඩේට සුදුසු. ලස්සන පැත්ත, කොළඹට ඒ හැටි දුරකුත් නැහැ. (නි)
දැන්වත් .?.....ඇති. (බ)