IMG-LOGO

අම්බලන්ගොඩ මව්පියවරු විරෝධතාවක

(එම්. සුසිල් ප්‍රියන්ත)
                   
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ පළමු වසරට සිය දරුවන් ඇතුළත් නොකරගත් බව පවසමින් අද(16) අම්බලන්ගොඩ බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මව්පියවරු විරෝධතාවක් පැවැත්වූහ.
                    
මෙතෙක් කලක් ධර්මාශෝක විදුහලේ එක වසරට ළමුන් ඇතුළත් කිරීමට දුර විමසා බැලුවේ එම විදුහල් ප්‍රාථමික  අංශයේ සිට බවත් එහෙත් මෙවර ද්වීතික අංශයේ සිට දුර බැලූ බවත් පිරිස කීහ.
                         
මේ නිසා  ධර්මාශෝක විදුහලේ එක වසරට සිය දරුවන් ඇතුළත් කරගැනීමට නොහැකි වූ බවද පාසල ආසන්නයේ අති  හිරේවත්ත, පින්නදූව ආදී ප්‍රදේශවල ළමයින්ට මෙවර ධර්මාශෝක විදුහල අහිමිවී ගොස් ඇති බවද ඔවුහු පැවසූහ. නීතිය හමුවටද යන බවද ඔවුහු කීහ.
 
මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල්පති හසිත කේශර වෙත්තමුනි මහතාගෙන් විමසූවිට මෙසේ කීවේය.
                       
“නගරයේ තවත් පාසල් තියෙද්දිත් ධර්මාශෝක විදුහලටම දෙමාපියන් තමන්ගේ ළමයි ඇතුළත් කිරීමට උත්සහා ගැනීම ගැන ලොකු සතුටක්. මම ආපූ දවසේ ඉදලා නියමිත දිනයට එක වසරට ළමයි බඳවා ගත්තා. මෙවරත් නීතියේ මට දී තිබූ අවසරය අනුවයි එක වසරට ළමයි ඇතුළත් කිරීමට සම්මුඛ පරීක්ෂණ පැවැත්වුවේ. යමෙකුට අසාධාරණයක් කරන්න මට කිසිම අවශ්‍යතාවක් නැහැ” යැයිද කීය.



අදහස් (0)

අම්බලන්ගොඩ මව්පියවරු විරෝධතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 144 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 678 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site